පසුගිය 13 වන දා රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බලපෑම් කල සිද්ධියේ පුද්ගලයෙකු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීමත් සමඟ එහි විකාශන කටයුතු ද තාවකාලිකව නතර කෙරුණා. එහි දී ඔවුන් කියා සිටියේ අරගලයට අදාල සිද්ධීන් පමණක් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය කල යුතු බවයි. මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ පැවැත්වූ අතර ඊට අදාළ දනීස් අලී නැමැති පුද්ගලයායි මෙලෙස අත්අඩංගුවට පත් වුණේ. ඔහු කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා අද පිටත්ව යාමට උත්සාහ කිරීමේ දී ආරක්ෂක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවේ.