ශ්‍රී ලංකාව කොරෝනා අවදානම සම්බන්ධයෙන් හතරවන මට්ටමේ ඉහළ අවදානම් රටක් ලෙස නම් කළ ඇමෙරිකාව එහි සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස එරට වැසියන්ට දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් පූර්ණ එන්නත්කරණයට ලක්විය අයෙකු විය යුතු බවයි ඇමෙරිකා වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ.