Skip to content
ලබන අප්‍රේල් 29 වනදා සිට ශ්‍රී ලංකාවේ ,යාපනයේ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ කරෙයිකාල් දක්වා මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් තීරණය කර ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් වරාය සහ නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අතර සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තාවන්නේ.
ඒ සඳහා කන්කසන්තුරේ සහ කරෙයිකාල් යන ප්‍රදේශවල ආගමන විගමන කාර්යාල දෙකක් බැගින් ස්ථාපිත කිරීමට ද තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.
බෝට්ටු සේවාව සඳහා ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් විසින් මුලින් බෝට්ටු ලබා නොදෙන බවත් ඒ වෙනුවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කැඳවන ලද ටෙන්ඩරය යටතේ බෝට්ටු ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අනාවරණය කළා.
නව මගී යාත්‍රා වැඩසටහන යටතේ එක් මගී යාත්‍රාවක මගීන් 150 දෙනෙකු රැගෙන යන අතර මගියෙකුට රැගෙන යා හැකි බර ප්‍රමාණය කිලෝ 100ක් වනවා.
මෙහි දී එක් ගමනක් සදහා යාමට පමණක් ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 50ක් ලෙසයි නම් කර ඇත්තේ.