ලංකාවට අදාළ ජිනීවා යෝජනා විවාදය ඇරඹෙයි / මහලේකම්වරියගේ යෝජනා ලංකාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාව මානව හිමිකම් ඇතුළු ප්‍රතිසන්ධාන කටයුතුවල ඉලක්ක ජය ගැනීමට අපොහොසත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ,මිචෙල් බැචලේට් චෝදනා කරනවා.

ඇය මෙම අදහස් පල කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ගැන සාකච්ඡාවට එක්වෙමින්.
20 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කරමින් , මෙම ගැටළුකාරී තත්ත්වය වර්ධනය කර ඇති බවටයි ඇය චෝදනා කළේ.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ස්වාධීන රටවලට බලපෑම් කිරීමේ සමය අවසන් කළ යුතු බවයි.
මෙවර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා පැවසුවා.
ශ්‍රී ලංකාව වැනි රටවලට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් වන යෝජනාවට අදාළව පිළිගත නොහැකි ප්‍රචාරණයක් මෙවර මහ කොමසාරිස්වරිය සිදුකර ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළා.

ශ්‍රී ලංකාව පිළිබද අනුගමනය කරන වැරදි ප්‍රතිපත්තිය අනෙක් රටවලට ද අනාගතයේ බලපෑ හැකි බැවින් මෙම යෝජනා පරාජය කිරීමට එක්වන ලෙසයි දිනේෂ් ගුණවර්ධන මහතා සැසිවාරයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කළේ.

මීට අදාළව අනෙත් රටවල අදහස් දැක්වීම හෙට (25) සිදුකිරීමට නියමිතයි.

පුවත යවන්න