ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී පවතින බරපතල මට්ටමේ ආර්ථික ව්‍යසනය සමස්ථ ලෝකයටම පාඩමක් හා අනතුරු ඇඟවීමක් බව ජගත් සංවිධානය පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) පරිපාලක Achim Steiner සදහන් කළේ , මේ වන විට ශ්‍රී ලංකාවට තවදුරටත් ගෙවීමට හැකියාවක් නොමැති බවයි.
ණය හා සේවා පමණක් නොව ,ආර්ථිකයක් සක්‍රීය මට්ටමේ තබා ගන්නා මූලික දේ ආනයනය කිරීමට මෙන්ම පෙට්‍රල් , ඩීසල් , ඖෂධ ආනයනයට පවා ලංකාවට හැකියාවක් නොමැති බව ද පෙන්වා දී තිබෙනවා.
මෙම අර්බුධයෙන් මිදීමට විසඳුම් ලංකාව වැනි රාජ්‍යයන් විසින්ම සොයාගත යුතු බවයි ඔහු අවධාරණය කළේ.
ශ්‍රී ලංකාව හා සමාන ආර්ථික අර්බුදයක් දැකීමේ අවදානමක් ඇති රටවල් රැඩිකල් ආර්ථික පියවරයන් වෙත යොමුවිය යුතු බවද ජගත් සංවිධානය දැනුම්දී තිබෙනවා.
බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද වාර්තාවකින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනතුරු ඇඟවූයේ, 2022 මාර්තු මාසයේ සිට ගතවූ මාස තුනක කාලය තුළ වර්ධනය වෙමින් පවතින රටවල දුප්පත් මිනිසුන්ගේ සංඛ්‍යාව මිලියන 71 කින් ඉහල යාම හා උද්ධමන අනුපාත ඉහල යාම සිදුව ඇති බවයි.
ආර්ථික කළමනාකරනය අසමත් රාජ්‍යයන් මෙවන් ව්‍යසන සඳහා ගොදුරුවීම වැලැක්විය නොහැකි බව ද වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.