ලංකාවේ අර්බුධයෙන් ඉන්දියාවට වාසි / තේ,ඇඟලුම් වෙළඳපල අල්ලයි

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයේ හරහා ඉන්දියාව ඇතුළු කළාපීය රටවලට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තාවී තිබේ.
මෙම තත්ත්වය තුල ශ්‍රී ලංකාවේ ඇඟලුම් හා තේ සඳහා පැවැති ඇතැම් ඇණවුම් මේ වන විටත් ඉන්දියාවට හිමිව ඇති බවයි ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළේ.
දැනට පවතින අර්බුදය හේතුවෙන් ගෝලීය සන්නාමයන් ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා ඇතැම් ඇණවුම් ඉන්දියාවේ තිරුපූර් වෙත ලබාදීම ආරම්භ කර ඇති බවයි තිරුපූර් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රාජා.එම්. ෂන්මුගම් පැවසුවේ.
මේ අතර ඉන්දියාවේ තේ කර්මාන්තයට ද මේ හරහා අමතර වාසි හිමිවෙමින් පවතින බවයි ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළේ.
මෙරට තුල ක්‍රියාත්මක විදුලි කප්පාදුව තුල තේ නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට බාධා පවතින අතර ඉන්ධන හිඟයද ඊට බලපා තිබුණා.
ඒ හරහා ලංකාවේ තේ වල ගුණාත්මක භාවය අඩුවෙමින් පවතින බවටයි සවුත් ඉන්දියා ටී එක්ස්පෝටර්ස් හි සභාපති දීපක් ෂා මාධ්‍ය වෙත සදහන් කළේ.
මෙය ඉන්දීය තේ ප්‍රවර්ධනය සඳහා භාවිත කරමින් පවතින බවද අනාවරණ කර තිබෙනවා.

පුවත යවන්න