ලංකාවේ කොරෝනා මරණ 4,000 ට කිට්ටු කරයි

අද (21) දිනය තුළ කොවිඩ් මරණ 47ක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,917ක්.

ඊයේ (20) සිදුව ඇති එම කොවිඩ් මරණ 47න් 21 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 26දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 14දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සෙසු පුද්ගලයින් 33දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.

පුවත යවන්න