2021 ලෝකයේ බලවත්ම ගුවන් ගමන් බලපත්‍ර දර්ශකය නිකුත් කර තිබෙනවා.
මෙවර එම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 99 වන ස්ථානයයි.
පසුගිය වසරේ මෙම දර්ශකය තුල ලංකාවට 97 වන ස්ථානය හිමිව තිබුණා.
යම් රටක ගුවන් ගමන් බලපත්‍රයට පවතින ජාත්‍යන්තර පිළිගැනීම අනුව මෙම දර්ශකය සකස් කරනු ලබනවා.
මෙවර දර්ශකයේ පළමු තැන සුපුරුදු පරිදි හිමිව ඇත්තේ ජපානයටයි.
සිංගප්පූරුව ,දකුණු කෙරියාව , ජර්මනිය හා යුරෝපා රටවල් මුල් ස්ථානවල පසුවනවා.
ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව, පකිස්ථානය, යේමනය, සෝමාලියාව, පලස්තීනය, නේපාලය, උතුරු කොරියාව, කොසෝවෝ හා බංග්ලාදේශය එහි අවසන් ස්ථානවල පසුවනවා.
මෙවර හෙන්ලේ දර්ශකයට අනුව ශ්‍රී ලාංකිකයන්ට වීසා නිදහස සහිතව(ගුවන් තොටුපල වීසා) ගමන් කළ හැකි රටවල් ගණන 42ක් ලෙස දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් ලෝකයේ අඩුම පිළිගැනීමක් සහිත ගුවන් බලපත්‍ර 20 අතරට ලංකාවේ ගුවන් බලපත්‍රය ඇතුලත්ව තිබෙනවා.