ලංකාවේ ජාතික ධජය පාපිස්සට දැමූ චීන නිෂ්පාදකයා ගැන විස්තර සොයයි

මෙරට ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරමින් අන්තර්ජාලය හරහා අලෙවි කරමින් ඇති පාපිස්නා සම්බන්ධයෙන් පළවු වාර්තා පිළිබද විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබෙනවා.
ඒ අනුව ඇමසොන් වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග සම්බන්ධ වෙමින් ,ලංකාවේ ධජය ඇතුලත් පාපිස්නක් නිපදවා අලෙවි කරන චීනයේ නිෂ්පදකයා සම්බන්ධ කර ගන්නා ලෙසයි බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දන්වා ඇත්තේ.

ඔහු විසින් මෙරට ධජය සහිත පාවහන් නිපදවා ඇති බවද හෙලිව තිබෙනවා.
විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඒ පිළිබඳව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමුකර තිබෙනවා.
අමෙරිකාවේ වොෂිංටන් ඩී සී හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඇමසොන් වෙබ් අඩවියට මේ පිළිබද දැනුම්දීමට නියමිතයි.
ඩොලර් 12 ක මුදලකට මිල කරමින් මෙසේ ශ්‍රී ලංකා ධජය ඇතුලත් කළ පාපිස්නා අන්තර්ජාලයේ අලෙවි කරමින් පවතිනවා.

පුවත යවන්න