මෙරට තුල ඩෙල්ටා කොරෝනා බෝම්බය පුපුරා අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
මෙම අවදානම යටතේ ජනතාව දැඩිව ආරක්ෂා විය යුතු බව ද ඔහු අවධාරණය කළා.
“ඉදිරි සති දෙක තුනක කාලේ තමයි තීරණාත්මක. ඩෙල්ටා වෛරසය බෝම්බයක් වගේ. මේක නිව්යෝක්, ලන්ඩන් නුවර පිපිරුවා. ඉන්දුනීසියාවේ පිපිරුවා. ලංකාවෙත් ඩෙල්ටා බෝම්බය පුපුරලා තියෙන්නේ. නමුත් ඒකට මුහුණ දෙන්න ඕනේ. ජනතාවට ඇත්ත කියලා පරිස්සම්වෙලා හිටියොත්. ආරක්ෂා කරගත්තොත් අපිට මේ අභියෝගය ජයගන්න පුළුවන් වෙයි. විශේෂිත ඒකක සඳහා වෙන්කරලා තිබුණ වාට්ටු කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ගන්න අපි තීරණය කළා. ඒ වාට්ටුවල සේවය කළ විශේෂඥ වෛද්‍යවරු හෙද නිලධාරීන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොමුකළා. ඒකෙන් තමා අපිට හැකියාව ලැබුණේ මේ තත්ත්වයට මුහුණ දී ගන්න.”