රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ලබන අයගේ වැටුපෙන් සියයට 5ක බද්දක් අයකිරීමේ කිසිඳු අදහසක් නැතැයි නැතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් කිසිඳු යෝජනාවක් ඉදිරිපත් වී නැති බවත් අමාත්‍ය මණ්ඩලයේදී එවැන්නක් ගැන සකච්ඡාවක් හෝ නොවූ බවත් ඇමතිවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ලබන අයගේ වැටුපෙන් සියයට 5 ක බද්දක් අයකර අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි පොදු සේවා වෙනුවෙන් යෙදවිය යුතු බවට වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළ අතර රජය එවැනි තීරණයක් ගෙන තිබේ දැයි මාධ්‍යවේදියා ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළා.
ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ එය බන්දුල ගුණවර්ධන මහතාගේ පෞද්ගලික අදහසක් පමණක් බවයි.
විවිධ ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් පවතින බවට පළවන පුවත් සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවේ එළඹෙන 21 වනදායින් පසුව එම තත්වය යථා තත්වයට පත්වනු ඇති බවයි.