තමන් කොරෝනා එන්නතක් ලබාගන්නා බව ප්‍රකාශ කිරීමට මෙරට ජනතාවගෙන් සියයට 55ක් අසමත් බව අනාවරණවී තිබෙනවා.
ඒ මේ සම්බන්ධයෙන් සිදුකළ මත විමසුමකට අනුවයි.
මෙහිදී සියයට 45ක පිරිසක් කවර හෝ කොරෝනා එන්නතක් ලබාගන්නා බව ප්‍රකාශ කර ඇති අතර සියයට 13ක් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එම පිරිසෙන් සියයට 30ක් පවසා ඇත්තේ එන්නත ලබාගැනීමෙන් පසු ඇතිවන සංකූලතා මත එන්නත ලබා නොගන්නා බවයි.
තවත් සියයට 26ක් එන්නතේ අවදානම හා දීර්ඝකාලීන අතුරු ආබාධ පිළිබද බිය මත එන්නත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එන්නත් ප්‍රතික්ෂේප කරන පිරිසෙන් සියයට 30ක් මුස්ලිම් ජාතිකයන් වන අතර ඔවුන් එන්නත්කරණයේ වැදගත්කම පිළිබද දැනුවත් කළ යුතු බවයි මෙම අධ්‍යයනය මගින් නිගමනය කර ඇත්තේ.