ලාංකිකයන්ට නිදහස් විරෝධතාවලට අයිතියක් තිබෙනවා / අමෙරිකාව කියයි

සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චෑන්ග් අවධාරණය කර තිබෙනවා.

ඇය පෙන්වා දුන්නේ – ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය සඳහා එය අත්‍යවශ්‍ය බවයි.

පවතින තත්ත්වය තමා සමීපව නිරීක්ෂණය කරමින් සිටි බව ද ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඉදිරියේදී සෑම පාර්ශවයකින්ම සංයමයක් අපේක්ෂා කරන, අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය සහ දුක් විඳින අයට සහන ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද, අමෙරිකානු තානාපතිවරිය ප්‍රකාශ කළා.

පුවත යවන්න