ලාංකිකයන්ට බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා / අවබෝධතා ගිවිසුමක් ළඟදීම

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා ඉදිරියේ දී ශ්‍රී ලාංකිකයින්ට වැඩි අවස්ථාවක් හිමිවීමට නියමිත බව වාර්තා කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බවයි රජය නිවේදනය කළේ.
මීට අදාළව කම්කරු අමාත්‍යවරයා , විදේශ අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව,බ්‍රිතාන්‍ය රජය සහ එක්සත් උතුරු අයර්ලන්ත රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිතයි.

පුවත යවන්න