ලිට්රෝ ගෑස් මිල ඉදිරියේදී සැලකිය යුතු මුදලකින් මිල ඉහළ යනු ඇති බවත්, මිල වැඩිකරීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.
කොපමණ මුදලකින් ගෑස් මිල ඉහළ යනවාදැයි මේ මොහොත වන විට පැවසිය නොහැකි බව පැවසූ සභාපතිවරයා මෙම මිල ඉහළ දැමීම කොයි මොහොතේ හෝ සිදුවිය හැකි බව ද සදහන් කළා.
දිනකට ලිට්රෝ ගෑස් සිලින්ඩර් 30,000ක් පමණ වෙළෙද පොළට නිකුත් කරන අතර පසුගිය දින 10ක කාලය තුළ මිලියනට ආසන්න ගැස් සිලින්ඩර ප්‍රමාණයක් වෙළෙද පොළට නිකුත් කර ඇති බව ද ඔහු සදහන් කළා.
ලබන අප්‍රේල් මාසයේදී ගෑස් මෙට්‍රික්ටොන් 30,000ක ඇණවුමක් ලබාගැනීමට මේ වන විට සැලසුම් සකස්කර ඇති බවද මෙහිදී පැවසුවා.
නියමිත මිලට වඩා වැඩියෙන් ගෑස් අලෙවි කරන අළෙවි නියෝජිතයන් හෝ කිසියම් පුද්ගලයකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවහොත් ඒ පිළිබදව ශ්‍රී ලංකා පොලිසිය නිතිමය කටයුතු කරනු ඇති බවත් එවැනි අළෙවි නියෝජිතයන්ගේ වෙළෙද බලපත්‍රය අවංලගු කිරීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.