ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් පමණ වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ලිට්රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පිරිස් මහතා සඳහන් කළේ, ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ වැඩි කළ යුතු වුවත්, ජනතාව විඳින පීඩාවන් පිළිබඳව අවධානය යොමු කර රුපියල් 50 කින් පමණක් මිල වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.
මේ අතර ගෑස් මෙට්රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
එම ගෑස් හෙට දිනයේ සිට බෙදා හැරීමට සැලසුම් කර ඇතැයි ලිට්රෝ සමාගම ප්රකාශ කළේ ය.
එහි සභාපති මුදිත පිරිස් මහතා සඳහන් කළේ, ඉදිරි දින දෙක ඇතුළත කොළඹ නගරයේ තෝරා ගත් ස්ථාන 140 කදි ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ 40,000 ක් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර හෙට දිනයේ දි ගැස් මෙට්රික් ටොන් 3700 ක් රැගත් තවත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිතව ඇතැයි ලිට්රෝ සමාගම සඳහන් කළේ ය.