ලුණු හිඟයක් ඇති නොවන බවට සහතිකයක්

මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වුවත් මෙරට ලුණු නිෂ්පාදනයට එය කිසිම බාධාවක් නොවන බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා පවසයි.

රටේ ලුණු හිඟයක් කිසිවිටක ඇති නොවන බවට සහතිකයක් දෙන බව ද ඒ මහතා කියයි.

රටේ ලුණු නිෂ්පාදනයට නැවේ ගින්න බලපෑමක් එල්ල වන බවට සමාජය මත විවිධ මත ප්‍රචාරය වීමත් සමඟම පාරිභෝගිකයෝ වෙළඳ සැල් කරා පැමිණ ලුණු පැකට් වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළෙඹී සිටිති.

පුවත යවන්න