ලොව පුරා සමාජ මාධ්‍ය තුල ප්රකටව සිටි හාස්‍යජනක සංකේතයක් ලෙස සැලකෙන ස්පාඤ්ඤ ජාතික ජුවාන් ජෝයා බොර්ජා මරණයට පත්ව තිබෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ , ස්පැනිෂ් ලාෆින් ගයි ලෙස ප්රකටව සිටි මෙම රංගන ශිල්පියා , එල් රිසිටාස් ලෙස ප්රකටව සිටි බවයි.
වසර 20ක් පුරා රංගනයේ නිරතව සිටි ඔහු ලොව පුරා ප්රකටව තිබුණේ , 2007 වසරේ රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනක් තුලදී වීඩියෝවක උපසිරසි සඳහා හඩ කැවීම හා ඒ වෙනුවෙන් ඔහු පළකල සිනහව මතයි.
පසුගිය වසරේ රෝගී වූ ජෝයා බෝර්ජා මිය යන විට 65 වන වියේ පසුවුණා.
ඔහුගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ලොව පුරා රසිකයන් අරමුදලක් ද බිහිකර තිබූ අතර ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම වෙනුවෙනුයි.
කෙසේ වෙතත් එම වෑයම නිෂ්පල කරමින් ඔහු පසුගිය ඊයේ දිනයේ මරණයට පත්ව තිබුණා.
ජෝයා බොර්ජා මරණයට පත්වූ පුවත ශෝකජනක වුවද ඔහුගේ සිනහව මත එම ශෝකය තුරන් වන බවයි සමාජ මාධ්‍ය තුල සටහන් තබා ඇත්තේ.