ලෝකයේ කොරෝනා මරණ සංඛ්‍යාව ගතවූ සතිය තුල සියයට 20කින් පහතවැටී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ගතවූ සතියේ කොරෝනා මරණ 66,000 ක් වාර්තාවූ අතර එය අඛණ්ඩව 3 වන සතියටත් වාර්තා වූ කොරෝනා මරණ පහත වැටීමේ තත්ත්වයයි.
මේ අතර පෙබරවාරි 15 ත් 21ත් අතර ලෝකයෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 24ක්.
එය පෙර සතියට සාපේක්ෂව සියයට 11ක පහත වැටීමක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
මේ අතර අමෙරිකාවෙන් දෛනිකව වාර්තාවූ කොරෝනා ආසාදිතයන් ගණන ද සියයට 40කින් අවම වී තිබෙනවා.
මේ වන විට අමෙරිකාවේ දෛනික ආසාදිතයන් ගණන 66,000 ක් පමණ වන අතර එය කැපී පෙනෙන පහත වැටීමක් බවයි හඳුනාගෙන ඇත්තේ.
එසේම එරට රෝහල්ගත ආසාදිතයන් ගණන 56,000 ක් තෙක් පහත වැටී ඇත්තේ මාස ගණනාවකට පසුවයි.
එසේම වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ අවදානම් මට්ටම ද සියයට 86කින් පසුගිය සමය තුල අවම වී තිබුණා.
ඒ අනුව වසංගතයට එරෙහිව ලෝකය සුබවාදී දිශාවකට ගමන් කරමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.