ලෝකයේ නිවුන් දරු උපත් වාර්තාගත මට්ටමකින් ඉහළට

ලොව පුරා නිවුන් දරු උපත් සිදුවීම් වාර්තාගත මට්ටමින් වර්ධනයවී ඇති බව ඒ පිළිබඳව කළ අධ්‍යයනයනික් හෙළිව ඇතැයි බ්‍රිතාන්‍යයේ ගාඩියන් වෙබ් අඩවිය පවසනවා.
එම වාර්තාව පෙන්වා දෙන්නේ සිට නිවුන් දරු උපත් අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
රටවල් 100 කට වැඩි ගණනක වාර්තා සළකා බලමින් ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබෙනවා.
ලෝක ජනගහනයෙන්ක් සියයට 99 ක් ආවරණය වන පරිදි රටවල් 165 ක ද්විත්ව උපත් අනුපාතයන් මේ සඳහා බලපා තිබුණා.
මේ වනවිට මව්වරුන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන් බිහි කරන මට්ටමක් එහිදී හඳුනාගෙන තිබෙනවා.
පසුගිය අවුරුදු 40 තුළ ගෝලීය නිවුන් දරු උපත් අනුපාතය තුනෙන් එකකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තාව පවසන්නේ.
පසුගිය අවුරුදු 40 ත් 50 ත් අතර කාලය තුළ ධනවත් හා සංවර්ධිත රටවල ද්විත්ව උපත් අනුපාතවල ප්‍රබල වැඩිවීමක් දැක ගත හැකි වූ බවත් මෙහි සදහන්.
1980 පසු නිවුන් දරු උපත් ඉහළ යාමත් සමග වැඩිම නිවුන් දරු උපත් වාර්තා වන්නේ, උතුරු අමෙරිකාවෙන්.
එය සියයට 71ක වර්ධනයක් පෙන්නුම් කර තිබුණා.
යුරෝපයේ සියයට 60කින් සහ ආසියාවේ 32 කින් ද නිවුන් දරු උපත් අනුපාතය ඉහළ ගොස් තිබෙනවා.

පුවත යවන්න