වතුර බිලට කඩදාසි නෑ / බිල්පත කෙටි පණිවිඩයකින්

කඩදාසි හිඟය හේතුවෙන් මුද්‍රිත ජල බිල්පත් වෙනුවට ස්මාට් ජංගම දුරකථන හිමි ජල පාරිභෝගිකයන් මිලියන දෙක හමාරකට එස්.එම්.එස්. මගින් බිල්පත යොමු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සාකච්ඡා ආරම්භ කර ඇත.

ජල පාරිභෝගිකයන් මිලියන තුනකට ආසන්න පිරිසක් සිටින අතර, ඔවුන්ගෙන් මිලියන දෙක හමාරකට ස්මාට් ජංගම දුරකථන ඇති බව මණ්ඩලය ප්‍රකාශ කරයි. ඒ සඳහා වෙනම මෘදුකාංගයක් හඳුන්වා දීමටද සාකච්ඡා කර ඇත.

ස්මාට් ජංගම දුරකතන නොමැති ජල පාරිභෝගිකයන්ට ජංගම බිල්පත් මුද්‍රණ යන්ත්‍ර භාවිතා කර කුඩා ප්‍රමාණයේ බිල්පතක් ලබාදීමට නියමිතය. ජාතික ජල සම්පාදන මණ්ඩලය සතුව මාස තුනකට ප්‍රමාණවත් මුද්‍රිත බිල්පත් තොග දැනට පවතී, ඉලෙක්ට්‍රොනික ජල මීටරයක් පාරිභෝගිකයන්ට හඳුන්වාදීම සුදුසු වුවත් එහි මිල රුපියල් විසිදහසක් පමණ වන බවද මණ්ඩලය පෙන්වා දෙයි.

පුවත යවන්න