වරායේ බටහිර පර්යන්තයේ ආයෝජනයට ජපානය බෑ කියයි

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෙක් නම් කරන ලෙස ජපාන රජයෙන් කළ ඉල්ලීමට එම රජය ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වනවා.
ඒ බව කැබිනට් තීරණ දැනුම්දෙන වාර්තාවේ මගින්ද හෙළිකර තිබුණා.
ඉදිකර, මෙහෙයුම්කර පවරාදීමේ ගිවිසුම් සහ යෝජනා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහ ජපාන තානාපති කාර්යාලයට යොමුකර ඒ අනුව ආයෝජකයින් නම් කරන ලෙස එම ඉල්ලීම සිදුකර තිබුණා.
ඒ අනුව අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් ඉදිරිපත්කළ යෝජනාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී තිබෙනවා.
එම සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ ජෝන් කීල්ස් හොල්ඩින් පීඑල්සී සමාගමයි.
මේ අනුව අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.

පුවත යවන්න