වසරක් තුළ විදේශීය හමුදා ගුවන් යානා 96 ක් ලංකාවට ඇවිත් ?

පසුගිය වසර තුළ ආරක්ෂක හමුදා සම්බන්ධතා කාර්යාලයේ අවසරය පරිදි ඇමරිකා එක්සත් ජනපද ප්‍රහාරක යානා 34ක් සහ ඉන්දියාවේ ප්‍රහාරක යානා 17ක් මෙරටට පැමිණීම හෝ රට හරහා ගමන් කිරීම සිදු කර ඇති බව අනාවරණය කර තිබෙනවා.

මෙම තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ 2020 කාර්යාසාදන වාර්තාවේ සඳහන්.

මේ ආකාරයට විදේශ රටවල හමුදා ගුවන් යානා 96ක් පසුගිය වසර තුළ රටට පැමිණීම හෝ රට හරහා ගමන් කිරීම සිදුකර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඇමරිකාව, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන ආරක්ෂක ගිවිසුමකින් බැඳී සිටින රටවල්වලට අයත් ගුවන් හමුදා යානා 55ක් මෙරට සීමාව තුළට පැමිණ තිබෙන අතර චීනයේ හමුදා යානා 04ක් පමණක් පැමිණ ඇති බව සදහන්.

ඊට අමතරව පසුගිය වසරේදී ඉන්දීය නාවුක හමුදාවට අයත් යාත්‍රා 18ක් සහ ජපානයට අයත් එම යාත්‍රා 10ක්ද ඇමරිකාවේ එකක්ද ඕස්ට්‍රේලියාවේ එකක්ද බැගින් පැමිණ තිබෙනවා.

චීනයේ නාවික හමුදාවට අයත් කිසිදු යත්‍රා හෝ නැවක් මෙම කාලය තුල මෙරටට පැමිණ නොමැති බව සදහන්.

පුවත යවන්න