මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට යෝජනා වී තිඛෙනවා.
ඒ අනුව වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු, රියදුරි බලපත්‍ර ගාස්තු, වාහන අංක තහඩු ගාස්තු සහ රියදුරු වෛද්‍ය සහතික ගාස්තු යන ප්‍රධාන සේවා ඇතුළු සේවා සේවා රැසක ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමටයි යෝජනා වී ඇත්තේ.
වාහන මිල ඉහළ යෑමට සාපේක්ෂව ලියාපදිංචි ගාස්තු ඇතුළු සෙසු ගාස්තු යාවත්කාලීන විය යුතු බවයි වාර්තා වන්නේ.