විදුලි බිල සංශෝධනයට සමාලෝචනය ඇරඹෙයි

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනය කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් යොමුකර තිබූ වාර්තාව මත මෙම සමාලෝචනය සිදු කරන බවයි.

ඒ සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි ද සභාපතිවරයා සදහන් කළා.

කෙසේ වෙතත් විදුලිය කප්පාදු කරමින් තිබෙන මොහොතක විදුලි බිල ඉහළ දැමීම සාධාරණ නොවන බව සිය කොමිෂන් සභාවේ මතය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පුවත යවන්න