සහන ක්‍රමවේදය අවභාවිත කරමින්, බිල්පත් නොගෙවන පාරිභෝගිකයින්ගේ විදුලිය කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.
විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ, බිල්පත් නොගෙවීම හමුවේ, විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම ගැටලුවක් වී ඇති බවයි.
එම තත්ත්වය තුළ මෙම තීරණයට එළැඹි බව, අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර, එකඟතාවයන්ට යටත් ව අවශ්‍ය ඉන්ධන තොග විදුලි බල මණ්ඩලය වෙත නිකුත් කරමින් ඇතැයි, ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසනවා.
එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, මෙතෙක් කරන ලද ඉල්ලීම් මත පදනම්ව අදාළ ඉන්ධන තොග නිකුත් කරමින් ඇති බවයි.
මේ අතර, පවතින වියළි කාලගුණයත් සමග විදුලිය පාරිභෝජනය ඉහළ යාම හේතුවෙන්, ඉදිරි මාස දෙක තුළ පවතින අර්බුදකාරි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.