විදුලිබල ඇමතිගේ තෙල් ඉල්ලීමට IOC බෑ කියයි

විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දී තිබේ.
විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවුසවේ, අමතර ඉන්ධන නොමැති නිසා විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දුන් බවයි.

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ අද පස්වරුව වන විට කොළඹ වරායේ ඇති තෙල් නැවෙන් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයාගත හැකිවනු ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා.

“පසුගිය දවස්වල ගල් අඟුරු බලාගාරයක මේගාවෝට් 300ක ප්ලාන්ට් එකක් හදිසි ආපදාවක් ඇවිල්ලා නැවතුනා. ඉංජිනේරුවෝ කියන විදියට ඒක හරිගස්සලා ඉවර වෙන්නේ 24 වනදා. ඒ නිසා අපිට මේගාවෝට් 200ක් විතර ඉන්ධනවලින් දුවන්න වෙලා තියෙනවා. අපිට සපුගස්කන්ද, කැලණිතිස්ස සහ වරායේ ෆොලෝටීන් බලාගාරයට ටොන් 1,500ක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා අපේ ගබඩාවල තියෙන තෙල් අවසන් වුණාම තෙල් සංස්ථාවට කථාකරලා තෙල් ටොට් 3,000ක් අපිට ලැබුණා. ඒ 3,000ත් අද හවස වෙනකොට අවසන් වෙන්න යන්නේ. ඒ නිසා අපි කල්පනා කළා විකල්ප වැඩපිළිවෙළක් හැටියට IOC සමාගමත් එක්ක කථා කරලා තෙල් ටිකක් ගන්න. කොළඹ ඉන්න IOC සමාගමේ ප්‍රධාන කළමණාකරතුමාත් සමග මමත් විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමත්, ලේකම්තුමත් සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවෙදී ඒ අය ළඟත් එහෙම වැඩිපුර ඉන්ධන තොගයක් නොමැති බව දැනුම්දුන්නා. ඒ තොගයක් තිබුණත් ඒක ත්‍රිකුණාමලයේ තියෙන්නේ, කොළඹින් ගන්න ක්‍රමක් නැහැ. ඉතින් අපි ඒ අය සමග දිර්ඝ කාලින වැඩපිළිවලක් ගැන සාකච්ඡා කරන්න තීරණය කළා. නමුත් මේ මොහොතේ ඒ අයගෙන් අපිට මේ අපේ අඩුව පිරිමහගන්න බැහැ. ඊට පස්සේ අපි ඊට වඩා වෙනත් ප්‍රතිකර්මයක් සොයා ගත්තා. තෙල් සංස්ථාව ගෙනාපු ඉන්ධන නැවක් තියෙනවා කොළඹ වරායේ . අපි දැන් ඒකට මහ බැංකු අධිපතිතුමා සහ මුදල් අමත්‍යාංශය සමග සාකච්ඡාකරගෙන යනවා ඒ තෙල් නැව එළියට ගන්න. මහ බැංකුව කිව්වා ඒ තෙල් නැව කොහොම හරි අද හැන්නෑ වෙනකොට එළියට ගන්න පුළුවන් කියලා. ඒ තෙල් නැව ගන්න පුළුවන් වුණොත් අපිට තෙල් සංස්ථාවේ සභාපතිතුමත් ඇමතිතුමත් පොරොන්දු වුණා මේමොහොතේ අතේ තියෙන තොගවලින් තෙල් දෙන්නම් කියලා. ඒ බලාපොරොත්තුවෙන් තමයි දැන් ඉන්නේ. ඒක හම්බුණොත් විදුලිය විසන්ධි කිරීමක් නැතුව යන්න පුළුවන්. කොහොම වුණත් අපි මහජනතාවට දැනුවත් කරන්න යනවා හදිසි විදුලි කැපීමක් කරන්න වුණොත් ඒ කපන කාලසටහන. ඉදිරියේදී දැනුම්දීමට පියවර ගන්නවා කියලා.”

පුවත යවන්න