විදුලිය කප්පාදුව සිදු කරන්නේ අවශ්‍යතාව මත පමණක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද ප්‍රකාශ කළා.
මේ වන විට විදුලිය කැපීමේ සැලැස්මක් ජනතාව වෙත ඉදිරිපත් කර තිබෙන්නේ පෙර සූදානමක් ලෙස බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළා.
නොරොච්චෝලේ ජනන යන්ත්‍රය යථාවත් කිරීමට තවත් 9ක් පමණ ගත වන බව ත් සපුගස්කන්ද බලාගාරය සඳහා අවශ්‍ය දැවි තෙල් යම් ප්‍රමාණයක් රට තුළ පවතින බවත් එය ක්‍රමානුකූලව නිකුත් කරමින් සිටින බවත් සම කැබිනට් ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
”ගැටලුවක් තිබෙනවා. එම ගැටලුව අපට මතු වෙන්න පුළුවන් ඉදිරි දින 10ක කාලය තුළ එහිදී ඉදිරිපත් කරලා තියන සැලස්මට අනුව යම් අවස්ථාවලදී යම් විදුලිය බිඳවැටීමක් සිදු වෙන්න පුළුවන්”
මේ අතර අද දිනයේ කිසිඳු ප්‍රදේශයක විදුලි විසන්ධි කිරීමක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත් ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ නිකුත් කළා.
ඒ අනුව A,B,C,D වශයෙන් දිවයිනේ ප්‍රදේශ කලාප හතරකට බෙදා තිබෙන අතර පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් විදුලි අත්හිටුවීමට නියමිතයි. සඳුදා සිට සෙනසුරාදා දක්වා මෙම විදුලිය අත්හිටුවීම සිදුකළද ඉරිදා දිනයේදී විදුලි කප්පාදුවක් පිළිබඳ එම කාලසටහනට ඇතුළත් කර නැහැ.විදුලි ඉල්ලුම කළමණාකරණය සඳහා පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම කප්පාදුව ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.