විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන අවශ්‍ය නම් ඩොලර් සපයා දෙන ලෙස විදුලි බල මණ්ඩලයට දැන්වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. විදුලිබල බලධාරීන් ඩොලර් ලබා නොදුනහොත් විදුලිය සැපයීමට භාවිත කරන ඉන්ධන ලබාදිය නොහැකි බවද ඔහු අවධාරණය කළා.