දකුණු චීන මුහුදේ චීන අභියෝගයට මුහුණදීම සදහා වියට්නාමය හමුදා ශක්තිය වර්ධනය කරමින් පවතින බව අනාවරණවී තිබෙනවා.
චීනයේ සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තා කළේ, මේ වන විටත් වියට්නාමය චීනයට එරෙහිව නාවික ශක්තිය තර කරමින් පවතින බවයි.
දකුණු චීන මුහුදේ අයිතිය පිළිබද මතභේදයට වියට්නාමයද මැදිහත්ව සිටිනවා.
ඒ තමන්ගේ මුහුදු කලාපයේ අයිතිය චීනය විසින් ඉල්ලා සිටීමට එරෙහිවයි.