විරෝධතාකරුවන්ගේ හිසට වෙඩි තබනවා / මියන්මාරයේ කෲර හමුදා පාලනය නිවේදනය කරයි

මියන්මාරයේ හමුදා විරෝධී උද්ඝෝෂණ සිදුකරන්නන්ගේ හිසට වෙඩි තැබීමට එරට කෲර හමුදා පාලනය නියෝගක කර තිබෙනවා.
මියන්මාරයේ එම් ආර් ටීවී හෙවත් මියන්මාර රාජ්‍ය රූපවාහිනී නාලිකාව හරහායි මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ , විරෝධතා සිදුකරනන් පාඩම් උගත යුතු බවත් ඔවුන්ගේ හිසට වෙඩි වැදීමේ අවදානමක ඔවුන් පසුවන බවත් එම් ආර් ටීවී නාලිකාවෙන් නිවේදනය කළ බවයි.
මේ දක්වා මියන්මාර හමුදාව එරට බලය අත්පත් කර ගැනීමෙන් පසු පෙබරවාරි පළමුවනදා සිට අද දත්වා පුද්ගලයන් 320 දෙනකු ඝාතනය කර තිබෙනවා.
කෙසේ වෙතත් මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මකයි.
විරෝධතා අතරතුර මියන්මාර වැසියන් දහසකට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මරණයට පත්වූ පිරිසෙන් සියයට 25කටම හිසට වෙඩි තබා ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

පුවත යවන්න