විරෝධතාවය අතරතුර මාධ්‍යවේදියකුට පහරදී බස් රථයේ නැගී පලා ගිය පොලිස් නිලධාරිනිය

පාර්ලිමේන්තු වටරවුමේ පැවැති විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරිනියක විසින් මාධ්‍යවේදියකුට පහරදීමක් සිදුකර තිබෙනවා.

අද (08) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරව්මේදී පැවති විරෝධතාවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් අතරින් කැමරා ශිල්පියකුට මෙසේ පහරදී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් විසින් උසස් පොලිස් නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ පොලිස් කාන්තාව ද මාධ්‍යවේදීන් මග හැර එම ස්ථානයෙන් පලාගොස් බස් රථයක නැගී  යනු දක්නට ලැබුණා.

පුවත යවන්න