නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නැවතත් රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්ව තිබෙනවා.
අද (05) උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායක ධූරය සඳහා රංජිත් සියඹලාපිටිය මහතාගේ සහ ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ නම් යෝජනා කෙරුණා.
එම නිසා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බව කථානායකවරයා විසින් නිවේදනය කළ අතර පැවැත්වූ ඡන්දයෙන් වැඩි ඡන්ද 83කින් රංජිත් සියඹලාපිටිය මහතා නැවතත් නියෝජ්‍ය කථානායක ධූරයට තේරී පත්වුණා
ඉමිතියාස් බාකිර් මාකර් මහතා ඡන්ද 65ක් ලබාගත් අතර ඡන්ද 3ක් ඉවත්කළ බව කථානායකවරයා පැවසුවා.
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට ජන්දය ලබාදීම පිළිබද විවිධ අදහස් පලවෙමින් තිබියදී මෙම ජන්ද විමසීම පැවැත්වීම විශේෂත්වයක්.