වෙල්ගමගේ නව පක්ෂයට එරෙහිව දයාසිරිගෙන් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයට සමානකම් තිබෙන නමකින් කුමාර වෙල්ගම මහතා නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කර ඇති ඉල්ලීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

කුමාර වෙල්ගම මහතා ‘‘අපි ශ්‍රී ලංකා“ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බව ද එමගින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගතියක් විය හැකි බව ද දයාසිරි ජයසේකර මහතාගේ පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අපි ශ්‍රී ලංකා යන නාමයන් දෙකම එක හා සමාන බවක් පෙනෙන බව ද එම නිසා  කුමාර වෙල්ගම මහතාගේ නව පක්ෂයේ නාමය වෙනස්විය යුත් බව ද දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලේ සඳහන්.

පුවත යවන්න