ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

නීතියනුකූලව පත්ව ඇති පාර්ලිමේන්තුවෙන් පවා විමසීමකින් තොරව පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකාය නිසා” එක් රටක් එක් නීතියක් “සඳහා වන අරමුණ අධ්‍යනය කොට ක්‍රියාත්මක කිරීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පෙන්වා දෙයි.

එහි මුල් පුටුවට පත් කළ තැනැත්තාගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක් නොකර මේ පත් කිරීම සිදු කිරීමත් ,දමිළ ,හින්දු සහ කතෝලික, ක්‍රිස්තියානි යන සුළුතර කණ්ඩායම්වලට නියෝජනයක් ලබා නොදීමත් නිසා අසමානතාවක් මතු වී තිබේ.

මෙම ගැසට් නිවේදනය අවලංගු කොට සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන ලෙස සලකා ව්‍යවස්ථාවක් සකස් කරන බවට සහතික කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

පුවත යවන්න