ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත අර්බුදය විසඳා ගැනීමට ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් සහාය

මුදල් හුවමාරු පහසුකමක් (Currency Swap) යටතේ ඉදිරියේදී ඩොලර් බිලියන 1.65ක් සපයා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසනවා.

“ජූලි මාසයේදී බංග්ලාදේශ මහ බැංකුවෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති එ.ජ. ඩොලර් මිලියන 250ක මුදල් හුවමාරු පහසුකම, අගෝස්තු මාසයේදී ඉන්දියානු සංචිත බැංකුව සමඟ එළැඹීමට නියමිත එ.ජ. ඩොලර් මිලියන 400ක දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවිධාන මුදල් හුවමාරු පහසුකම සහ ඉන්දියාව සමඟ දැනට සාකච්ඡා මට්ටමේ පවතින එ.ජ. ඩොලර් මිලියන 1,000ක විශේෂ මුදල් හුවමාරු පහසුකම අයත් වෙනවා. මෙම ලැබීම්වලට අමතරව, 2021 අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැණුම් හිමිකම් ප්‍රතිපාදන යටතේ ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 800ක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා,” 

පුවත යවන්න