මුදල් පිළිබදව සාපරාධී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් එල්ල කර තිබූ චෝදනා 11 කට වරද පිළිගත් සක්විති රණසිංහට එක් එක් චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 2 ක සිර දඩුවම් නියම කොට එය වසර 05 කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොළියක් ලබාදෙන බව පවසා මුදල් පිළිබදව සාපරාධී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙනුයි සක්විති රණසිංහ මහතාට චෝදනා එල්ල වී තිබුණේ.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ නඩුව කැද වූ අවස්ථාවේ අදාළ චෝදනා විවෘත අධිකරණයේදී කියවනු ලැබුවා.
එම චෝදනාවට වරද පිළිගන්නා බව සක්විති රණසිංහ මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි මෙම සිරදඩුවම් නියම කෙරුණේ. මීට අමතරව එක් එක් චෝදනාවට රුපියල් විසිපන්දහස බැගින් දඩ නියම කළ විනිසුරුවරයා දඩ මුදල පැහැර හැරියහොත් අමතරව මාස හයක ලිහිල් සිර දඩුවමක් නියම කරන බවද දැනුම් දුන්නා.