සටන් විරාම ඉල්ලීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි / සතුරා ඇරඹූ සටන තමන් නිම කරන බව කියයි

ගාසා තීරයේ ගැටුම් හා ප්‍රහාර අත්හිටුවන්නැයි ජාත්‍යන්තරය සිදුකළ බලපෑම් ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සදහන් කළේ , සතුරන්ට එරෙහිව ඊශ්‍රායලය සිදුකරන මෙහෙයුම මෙතෙක් සම්පූර්ණවී නොමැති බවයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කෙන් ද හමාස් සංවිධානයෙන් හා ඊශ්‍රායලයෙන් ගැටුම් නිමා කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා.
හමාස් සංවිධානයේ සියළු ඉලක්ක වනදා දමන තෙක් මෙම ප්‍රහාර අවසන් නොකරන බවටයි ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වා තිබුණේ.

කෙසේ වෙතත් ගාසා තීරයේ ප්‍රහාර හේතුවෙන් 40,000 ක පමණ පිරිසක් වෙනත් කලාප වෙත පලාගොස් තිබෙනවා.
ජගතච් සංවිධානය පෙන්වා දෙන්නේ මෙය තවදුරටත් වර්ධනය වුවහොත් මානුෂීය අර්බුධයක් එහි නිර්මාණය විය හැකි බවයි.
අද දිනයේ ප්‍රංශය හා ඊජීප්තුව ද මෙම ගැටුම් නවතා සටන් විරාමයකට එළඹෙන්නැයි දෙපාර්ශවයෙන් ඉල්ලීමක් කර තිබුණා.
මේ වන විටත් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ ඉලක්ක වෙත රොකට් වෙඩි ප්‍රහාර එල්ල කරන අතර ඊශ්‍රායලය ද ගුවන් ප්‍රහාර එල්ල කරමින් පවතිනවා.
ගතවූ සතිය තුල ඊශ්‍රායලයට එල්ලවූ හමාස් රොකට් වෙඩි ප්‍රහාර සංඛ්‍යාව 3150ක් ලෙසයි වාර්තා කර ඇත්තේ.
මාස 6ක් පුරා පහරදීමට තරම් රොකට් වෙඩි තමන් සතු බවද හමාස් සංවිධානය නිවේදනය කර තිබුණා.
ඊඨ ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය විසින් ආරම්භ කළ සටන තමන් විසින් අවසන් කරන බවයි.

පුවත යවන්න