සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි- අගමැති

බෞද්ධයන් ලෙස සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල්යෑම අනිවාර්ය කළ යුතු යැයි  අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා   පැවසීය.
පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්රාකාරය හා ප්රතිසංස්කරණය කරමින් කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී කළ සම්පූර්ණ කතාව මෙසේය.
1897 මෙම විහාරස්ථානය ආරම්භ කරලා 1920 වන විට පිරිවෙනක් බවට පත් කරනවා, අද වනවිට විහාරවාසී හිමිවරුන් 16නමක් වගේම දරුවන් 443කගෙන් යුතු දහම්පාසලක් පවත්වාගෙන යනවා. එවගේම විහාරාධිපති ස්වාමින්වහන්සේ විසින් රටට විශාල ආගමික සේවාවක් සිදු කරනවා.
අපේ තරුණ දූ දරුවන් ආගමික කටයුතු වලට දායක කරගනිමින් නොමග නොයන ලෙස වගබලා ගතයුතුයි.එසේ නොවුනොත් සිදුවන්නේ විශාල විනාශයක්, දරුවන් දහම්පාසල් යැවීම බෞද්ධ ජනතාවට අනිවාර්ය කළයුතුයි.
අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසි පරිදි සිදුවෙනවා. අද බෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්වෙලා. නමුත් අනිත් ආගම්වල
ආනිවාර්යයෙන් ඉරිදා පල්ලි යනවා.
බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල්යෑම අනිවාර්ය කළ යුතුයි. පන්සල සමග ඇති සබදතාව දරුවන් තුළ ඇති කළ යුතුයි. එසේ නොවුනොත් ගමත් පන්සලත් ඈත් වෙනවා.සමාජය නිවැරදි මගක ගෙනියන්න නම් ගමත්පන්සලත් එකට පවත්වාගෙන යා යුතුයි. මෙි විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ පන්සල දියුණු කරන්න කැපවී කටයුතු කිරීම අගය කළ යුතුයි.
ගමේ පන්සල තමයි කේන්ද්රස්ථානය, ගමේ ජනතාවට පනසල සමග කටයුතු කරන්නට අවස්ථාව සලසා දීලා ජනතාව යහපත් ජීවිතයකට හුරු කරවීම අපේ වගකීමක්. මේ ප්රදේශයේ විවිධ ජාති ආගම් අදහන ජනතාවක් ඉන්නේ ඔබේ ප්රදේශයේ සාමූහික සුහදතාව ලෝකයටම ආදර්ශයක්. අද වන විට අපි ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රට සංවර්ධනය කිරීමේ වැඩකටයුතු කරමින් යනවා. රටේ සංවර්ධනය කාර්යයන් නිසි පරිදි ඉදිරියටත් ඉටුකරන බව මෙහිදි පැවසිය යුතු යැයි අග්රාමාත්යතුමා පැවසීය.
පුවත යවන්න