සතියකට රට වහන්න / මල්වතු – අස්ගිරි මහනායක හිමිවරු ඉල්ලයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සදහා සතියක කාලයක් රට වසා තබන්නැයි අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයා වෙත අද (18) විශේෂ ලිපියක් යොමුකරමිනුයි මහනාහිමිවරුන් මෙම ඉල්ලීම කරඇත්තේ.

කොරෝනා වෛසරය දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බව ද මල්වතු – අස්ගිරි මහානායකහිමිවරු පෙන්වා දෙති.

නව විකෘති වෛරස ප්‍රභේදයන්ගේ දරුණු බව හා සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශවලින් පෙන්වා දී ඇතැයි ද එම ලිපියේ සඳහන්.

ඉදිරි මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදය පිළිබඳව සේඛ්‍ය සංවිධානය මඟින් ද අනතුරු අඟවා ඇතැයි මහානායක හිමිවරු පෙන්වා දෙති.

එනිසා මේ අවස්ථාවේ දී ජන ජීවිතය සුරක්ෂිත කරනු සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ සතියක පමණ කාලයක් හෝ රට වසා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය කරන්නැයි මල්වතු මහාවිහාරයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමියන් සහ අස්ගිරි මහාවිහාරයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් ජනාධිපතිවරයා ට අවධාරණය කර තිබේ.

පුවත යවන්න