යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ පූලෝලි ප්රදේශයේ තරුණියින් පිරිසක් ඊයේ (20) සරුංගල් යවමින් සිටියදී විශාල සරුංගලයක් සමග තරුණයෙකු අඩි 40 ක් පමණ ගුවනට ඇදීගොස් තිබෙනවා.
මෙම තරුණයන් පිරිස විශාල සරුංගල් කිහිපයක් ගුවනට යැවීම සඳහා එහි නූල් එකම කඹයක බැඳ තිබූ අතර සරුංගල් අතර තිබූ විශාල සරුංගලයක් එකවරම සුලං හේතුවෙන් ගුවනට ඇඳි ගොස් තිබුණේ කඹය අල්ලා සිටි තරුණයෙකුද සමගයි.
එහිදී බිම සිට අනෙක් තරුණයින්ට කඹය අල්ලා ගැනීමට හැකි වූ අවස්ථාව වන විටත් සරුංගලය සමග ඇදී ගිය තරුණයා අඩි 40 ක් පමණ උසකට ගොස් තිබූ අතර තරුණයා සමග කඹය ඇදීම දැඩි පරිශ්රමයක් දැරීමට සිදුව තිබුණා.
සරුංගලය සමග කඹයේ එල්ලී සිටි තරුණයා අඩි 10 ක් පමණ උසක් ආසන්නයට ඇදගැනීමට බිම සිටි තරුණයින් සමත් වූ අවස්ථාවේදී කඹයේ එල්ලී සිටි තරුණයා බිමට පැන ඇති අතර එම අවස්ථාවේ සුළු තුවාල ලැබීම සමග තරුණයා පේදුරුතුඩුව රෝහලට රැගෙන ගොස් තිබෙනවා.වන්නි -රොමේෂ් මධුසංඛ