පාස්කු ඉරිදා ප්රහාර මාලාවට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පාර්ශ්ව කිහිපයක් කළ ප්රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතාට අද (27) කරුණු ඉදිරිපත් කළේය.
මෙම පැමිණීල්ලට අදාළ රහස්ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු ඉදිරිපත් කළේය.
අන්තර්ජාතික යුක්ති සංසදය නමැති සංවිධානය ඉකුත් 23 වැනිදා දේශීය සහ අන්තර් ජාතික ප්රජාව දැනුවත් කිරීම සදහා සූම් තාක්ෂණය ඔස්සේ කරුණු පැහැදිලි කිරීමක් කරමින් කළ ප්රකාශයකදී අනාවරණය වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට සුරේෂ් සලේ මහතා තම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
එම පැමිණීල්ලට අදාළ විමර්ශන කඩිනමින් සිදුකර අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙසට මෙහිදී මහේස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කළේය.
නිමන්ති රණසිංහ