සියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවකින් ඉතා හොඳ ප්‍රතිශක්තීකරණ හැකියාවක් ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුක විද්‍යා ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මෙම නිගමනයට එළඹ තිබෙන්නේ, කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රුසියාවේ නිෂ්පාදිත එන්නතක් වන ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයකදීය.
ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 327 දෙනෙකුගෙන් සමන්විත නියැදියක් ආශ්‍රිතව සිදු කළ පර්ෂේණයේදී හෙළිව තිබෙන්නේ, ස්පුට්නික් පළමු මාත්‍රාවෙන් සියයට 88 යි දශම 7 ක ප්‍රතිශක්තිකරණ හැකියාවක් දේහය තුළ නිපදවා ගෙන තිබූ බවයි.
මෙම ප්‍රතිශක්තිකරණ හැකියාව පළමු මාත්‍රාව ලබාගෙන සති හතරකට පසුව සිරුර තුළ ඇති වන බව මෙම නිරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ, ස්පුට්නික් පළමු මාත්‍රාවෙන් පසු වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ හැකියාව සියයට 82. 6ක් ලෙස දක්නට ලැබුණු බවය.
ස්පුට්නික් වී එන්නත් එක් මාත්‍රාවක් පමණක් යහපත් ප්‍රතිශක්තීකරණයක් සඳහා ප්‍රමාණවත් වූවද එහි දෙවෙනි මාත්‍රාවත් ලබාගත හැකි නම් එය අතිශය වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන බව මෙම පර්යේෂණයේ නිගමනය වී තිබේ.
එමගින් ශරිරය තුළ අතිශය උසස් මට්ටමේ ප්‍රතිදේහ ප්‍රමාණයක් නිර්මාණය කරන බව ද නිරීක්ෂණය වී ඇත.
මෙම පර්යේෂණ කණ්ඩායමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ මහාචාර්ය නිලීකා මලවිගේ , ආචාර්ය චන්දිම ජීවන්දර , ක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් වන මහචාර්ය ග්රැහැම් ඔග් හා මහාචාර්ය ඇලයින් ටවුන්සෙන්ඩ් යන විද්‍යාඥයින් ඇතුළත් ය.