සිරිල් ගාමිණි පියතුමන්ව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිඛෙනවා.
ඒ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි.
සිරිල් ගාමිණී පියතුමා සහ රොහාන් සිල්වා පියතුමා ඇතුළු කතෝලික පූජක තුමන්ලා පිරිසක් විසින් සූම් තාක්ෂණය ඔස්සේ 2019 වර්ෂයේ දී සිදු සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉකුත් 23 වැනි දින ජාත්‍යන්තර වැඩසටහනක් පවත්වා තිබුණා.
එහිදී රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක සුරේෂ් සලේ මහතා පිළිබඳ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඔහුගේ ජීවිතේට සහ පවුලේ සාමාජිකයන්ටගේ ජීවිතවලට හානි දායක වන ලෙස ප්‍රකාශයක් සිදුකළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිඛෙනවා.
ඒ අනුවයි සිරිල් ගාමිණි පියතුමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇත්තේ.