මාස 6 කට පසු රට පුරා සිසුන් 200 ට අඩු පාසල් අද විවෘත කෙරුණා. සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම යහපත් මට්ටමක පැවති බවයි අධ්‍යාපන නිලධාරීන් පවසන්නේ.
කොරෝනා වෛරසයේ සීඝ්‍ර පැතිර යාමත් සමග වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ පාසල් වරින් වර වසා දැමීමට සිදුවුණා. එසේ අවසන් වරට පාසල් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගැණුනේ පසුගිය අප්‍රේල් 9 වනදායි. කෙසේ වුවද එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක කිරීම මෙන්ම කොරෝනා මර්දනයට ගත් ක්‍රියාමාර්ග රැසක ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිසුන් 200 ට අඩු පාසල් 3000 ක් අද විවෘත කිරීමට පියවර ගනු ලැබුවා. අනෙකුත් පාසල් අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාතේ පිළියන්දල අධ්‍යාපන කලාපයේ සිසුන් 200 ට අඩු පාසල් 31 ක් විවෘත කළ බවත් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීම සාධනීය මට්ටමක පැවති බවත් අධ්‍යාපන නිලධාරීන් සදහන් කළා.