දැනට පවතින සංචරණ සීමාවන් අද(10) සිට ක්‍රියාත්මකවන පරිදි තවදුරටත් ලිහිල් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
කෙසේ වෙතත් දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරිම් තවදුරටත් දින 14ක් සඳහා නොවෙනස්ව පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළා.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබ තිබෙනවා.
ඒවාට අනුව,
අවමංගල්‍යයකදී දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතු අතර සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 50ක් වන අතර මංගල උත්සව සඳහා අවසර පවතින නමුත්, ශාලාවේ ආසන සංඛ්‍යාවෙන් 25% ක් හෝ සහභාගි විය හැකි උපරිම පිරිස 150ක් ලෙස දක්වා තිබෙනවා.
පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර දී තිබෙනවා.
කර්මාන්ත ශාලා එනම්, ඇඟළුම් හා අනෙකුත් කර්මාන්ත විවෘතව පවතින බව ද සදහන්.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ සම්පූර්ණ නව මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.