සුසිල් ඉවත් කළේ බුද්ධි තොරතුරු අනුවයි පොහොට්ටු මන්ත්‍රී කියයි

රාජ්‍ය අමාත්‍යධුරයෙන් සුසිල් ප්‍රේම්ජයත් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අද දිනයේද දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළවුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා පැවසුවේ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉවත් කිරීමට හේතුව ඔහු පොළේ ගොස් සිදුකළ කතාව නොවන බවයි.

රාජ්‍ය බුද්ධි සේවය ලබා දී ඇති තොරතුරු රැසක් සැලකිල්ලට ගෙන බවයි තිස්ස කුට්ටි ආරච්චි මහතා ප්‍රකාශ කළේ.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ පොළේගොස් සිදුකළ කතාව පමණක් සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉවත් කිරීමට හේතුවක් නොවු බවයි.

පුවත යවන්න