සේවාවලට බාධා කරන ඛනිජ තෙල් සේවකයින්ට එරෙහිව පියවර ගැනීමට උපදෙස්

සේවාවලට බාධා කරන ඛනිජ තෙල් සේවකයින් එම සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් එම ආයතන සභාපතිවරයා වෙත දැනුම්දුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාකරන වෘත්තීය සමිති නියෝජිතයින්ට හෝ සේවකයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසද ඔහු එමගින් දැනුම්දී තිබෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලීකරණයට ලක් කිරීමට එරෙහිව එහි වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කිරීම මෙම තත්ත්වයට බලපා තිබුණා.

පුවත යවන්න