සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ දැයි, සොයා මෙහෙයුමක්

පොදු ප්‍රවාහන සේවාවල සහ පොදු ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ දැයි, සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (12) දිනයේ බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවයි.

එහිදී මගී ප්‍රවාහන බස්රථ , සිල්ලර වෙළඳසල්, ඔසුසල් , ඇතුළු අලෙවිසල්වල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ ද යන්න සොයා බැලූ පොලීසිය පැවසී ය.

එහිදී මගී ප්‍රවාහන බස්රථ 898 ක් , වායු සමනය කළ බස්රථ 198 ක් ඇතුළු වෙළඳසල් 1216 ක් පරීක්ෂාවට ලක් කර තිබේ.

බස්රථ 314 කට සහ වායු සමනය කළ බස්රථ 71 ක් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති බව මෙහෙයුමේදී හෙළි වූ බව පොලීසිය පැවසී ය.

එම බස්රථවල රියැදුරන්ට අවවාද කර ඇති අතර වෙළඳසල් 503 ක හිමිකරුවන්ට ද අවවාද කළ බව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

පුවත යවන්න