ඔනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට යුද හමුදාව සුදානම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා පැවසුවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට හමුදාව සුදානමින් සිටින බවයි.
යම් ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන පුද්ගලයින් ආරක්ෂිතව රැදවා තැබීමට අවශ්‍ය පියවර ගැනීමට මේ වන විටත් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි හමුදාපතිවරයා සදහන් කළේ.